විටමින් B12 ඌන රක්තහීනතාවය

විටමින් B12 හෝ ෆෝලේට් ඌන රක්තහීනතාවය සඳහා වන ප්‍රතිකාර, අදාළ තත්ත්වයට හේතු වන්නේ කුමක්ද යන්න මත රඳා පවතී. බොහෝ මිනිසුන්ව, අඩු විටමින් වෙනුවට එන්නත් හෝ බෙහෙත් පෙති ලබා දීමෙන් පහසුවෙන් සුව කළ හැක.

විටමින් B12 ඌන රක්තහීනතාවය සඳහා ප්‍රතිකාර කිරීම

සාමාන්‍යයෙන් විටමින් B12 ඌන රක්තහීනතාවයට ප්‍රතිකාර කරන්නේ විටමින් B12 එන්නත් මගිනි.

විටමින් B12 එන්නත් වර්ග 2කි:

  • හයිඩ්‍රොක්සොකොබැලමින් (hydroxocobalamin)
  • සයනොකොබැලමින් (cyanocobalamin)

හයිඩ්‍රොක්සොකොබැලමින් (hydroxocobalamin) දිගු කාලයක් ශරීරය තුළ රඳා පවතින බැවින්, එය සාමාන්‍යයෙන් නිර්දේශිත විකල්පය වේ.

පළමු අවස්ථාවේ දී, ඔබට මෙම එන්නත් දවසක් ඇර දවසක් සති 2ක් පුරාවට හෝ ඔබේ රෝග ලක්ෂණ ආරම්භ වන තුරු ලබා දෙනු ඇත.

ආරම්භක කාලයෙන් පසුව, ඔබගේ විටමින් B12 ඌනතාවට හේතුව ඔබේ ආහාර වේල හා සම්බන්ධ ද යන්න හෝ එම ඌනතාවය සිතීමේ, මතකයේ හා හැසිරීමේ ගැටලු වැනි ස්නායු හා සම්බන්ධ ගැටලු වලට හේතු වෙනවා ද යන්න මත ඔබේ ප්‍රතිකාර රඳා පවතී.

ආහාර හා සම්බන්ධ ඔබේ විටමින් B12 ඌනතාවය, ඔබගේ ආහාරයේ විටමින් අඩුවීමක් නිසා සිදුවූයේ නම්, ඔබට සෑම දිනකම ආහාර වේලවල් අතර ගැනීමට විටමින් B12 පෙති නිර්දේශ විය හැක.

හෝ ඔබට අවුරුද්දකට දෙවතාවක් හයිඩ්‍රොක්සොකොබැලමින් (hydroxocobalamin) එන්නතක් ගැනීමට සිදු විය හැක.

නිර්මාංශ ආහාර ගන්නා අය වැනි, ප්‍රමාණවත් විටමින් B12 ප්‍රමාණයක් ආහාර වේලට ඇතුළත් කර ගැනීමට අපහසු මිනිසුන්ට ජීවිත කාලය පුරාවට විටමින් B12 පෙති අවශ්‍ය විය හැක.

මෙය සුලබ එතරම් සුලබ නැති වුවත් දිගු කාලීන දුප්පත් ආහාර වේලක් ගැනීම හේතුවෙන් විටමින් B12 ඌනතාවය ඇති මිනිසුන්ට, ඔවුන්ගේ විටමින් B12 මට්ටම් නැවත සාමාන්‍ය මට්ටමට පැමිණි පසු හා ඔවුන්ගේ ආහාර වේල වැඩි දියුණු වූ පසුව පෙති නැවැත්වීමට උපදෙස් ලැබිය හැක.

විටමින් B12 හි හොඳ මූලාශ්‍ර වනුයේ:

  • මස් වර්ග
  • සැමන් සහ කොඩ්
  • කිරි සහ වෙනත් කිරි නිෂ්පාදන
  • බිත්තර

ඔබ නිර්මාංශ හෝ සත්ව ආහාර ද්‍රව්‍ය නොගන්නා අයෙකු නම්, හෝ ඔබ මස් සහ කිරි නිෂ්පාදන වලට විකල්ප ආහාර සොයන කෙනෙකු නම් යීස්ට් සාරය (මාමයිට් ඇතුළු), එසේම ශක්තිය වර්ධිත ධාන්‍ය වර්ග සහ සෝයා නිෂ්පාදන වැනි විටමින් B12 අන්තර්ගත වෙනත් ආහාර ඇත.

සාප්පු සවාරි යන අතරේ විවිධ ආහාර වර්ග වල කොතරම් විටමින් B12 අඩංගු වනවාදැයි කියා පෝෂණ ලේබල පරීක්ෂා කර බලන්න.

ආහාර හා සම්බන්ධ නොවන ඔබේ විටමින් B12 ඌනතාවය, ඔබේ ආහාරයේ වවිටමින් B12 අඩු වීමක් හේතුවෙන් නොවේ නම්, ඔබට සාමාන්‍යයෙන් ඔබේ ජීවිත කාලය පුරාවට මාස දෙක තුනකට වතාවක් හයිඩ්‍රොක්සොකොබැලමින් (hydroxocobalamin) එන්නතක් ලබා ගැනීමට සිදු වනු ඇත.

විටමින් B12 ඌනතාවයක් හේතුවෙන් ඔබගේ අත් හා පාද වල හිරිවැටීම හෝ පුපුරු ගැසීම වැනි ඔබේ ස්නායු පද්ධතියට බලපාන ස්නායු සම්බන්ධ රෝග ලක්ෂණ ඔබට තිබුණේ නම්, ඔබව උපදෙස් ලබා ගැනීමට රක්තවේදියෙකු (haematologist) වෙත යොමු කිරීම හා සෑම මාස දෙකකට වතාවක්ම එන්නත් ලබා ගැනීමට අවශ්‍ය විය හැක.

ඔබට කොපමණ කාලයක් එන්නත් ලබා ගැනීමට සිදු වේ දැයි ඔබේ රක්තවේදියා (haematologist) ඔබට උපදෙස් දෙනු ඇත.

ෆෝලේට් ඌන රක්තහීනතාවය සඳහා ප්‍රතිකාර කිරීම

ෆෝලේට් ඌන රක්තහීනතාවය සඳහා ප්‍රතිකාර කිරීමට, ඔබේ වෛද්‍යවරයා විසින්, ඔබගේ ෆෝලේට් මට්ටම් ගොඩනගා ගැනීමට සාමාන්‍යයෙන් ෆෝලික් අම්ල පෙති නියම කෙරේ.

ඔවුන් ඔබට ආහාර සම්බන්ධ උපදෙස් ද ලබා දිය හැකි බැවින්, ඔබට ඔබගේ ආහාර වලින් ෆෝලේට් ගන්නා ප්‍රමාණය ද වැඩි කර ගත හැක.

ෆෝලේට් හි හොඳ මූලාශ්‍ර වනුයේ:

  • බ්රොකොලී (broccoli)
  • බ්රසල්ස් (brussels) පැළ
  • ඇස්පරගස් (asparagus)
  • ඇට
  • කඩල
  • දුඹුරු හාල්

බොහෝ මිනිසුන් මාස 4ක් පමණ ෆෝලික් අම්ල පෙති ගැනීම අවශ්‍ය වේ. නමුත් ඔබගේ ෆෝලේට් ඌන රක්තහීනතාවයේ මූලික හේතුව තවදුරටත් තිබේනම්, ඔබට ෆෝලික් අම්ල පෙති දීර්ඝකාලීනව, බොහෝ විට ජීවිත කාලය පුරාවට ගැනීමට සිදු විය හැක.

ඔබ ෆෝලික් අම්ලය ගැනීම ආරම්භ කිරීමට පෙර, ඔබේ වෛද්‍යවරයා ඔබේ විටමින් B12 මට්ටම් සාමාන්‍ය දැයි තහවුරු කර ගැනීමට එම මට්ටම් පරීක්ෂා කරනු ඇත.

මෙයට හේතුව වන්නේ ෆෝලික් අම්ල ප්‍රතිකාරයට ඇතැම් විට කෙතරම් ඔබේ රෝග ලක්ෂණ සුව කිරීමට හැකි ද යත්, එය මූලික විටමින් B12 ඌනතාවය සඟවයි.

විටමින් B12 ඌනතාවය හඳුනා ගෙන ප්‍රතිකාර නොකළහොත්, එය ඔබේ ස්නායු පද්ධතියට බලපෑ හැක.

ඔබේ තත්ත්වය අධීක්ෂණය

ඔබේ ප්‍රතිකාරය ක්‍රියා කරනවා දැයි තහවුරු කර ගැනීම, ඔබට තවදුරටත් රුධිර පරීක්ෂණ කිරීමට සිදු විය හැක.

ප්‍රතිකාරය ක්‍රියා කරනවා දැයි තක්සේරු කිරිමට රුධිර පරීක්ෂාවක් බොහෝ විට සිදු කරන්නේ ප්‍රතිකාරය ආරම්භ කිරීමෙන් පසු 10 සිට 14 වන දිනයේදී පමණය.

මෙය සිදු කරන්නේ ඔබගේ රුධිරයේ හීමොග්ලොබින් මට්ටම හා නොමේරු රතු රුධිර සෛල (reticulocytes) ගණන පරීක්ෂා කිරීමටය.

ඔබගේ ප්‍රතිකාරය සාර්ථක වූවාදැයි තහවුරු කර ගැනීමට ආසන්න වශයෙන් සති 8කින් පසුව තවත් රුධිර පරීක්ෂාවක් සිදු කරනු ඇත.

ඔබ ෆෝලික් අම්ල පෙති ගන්නේ නම්, ඔබව නැවත, ප්‍රතිකාර අවසන් වූ පසුව පරීක්ෂා කරනු ඇත. (සාමාන්‍යයෙන් මාස 4කට පසු).

විටමින් B12 හෝ ෆෝලේට් ඌනතාවයක් ඇති වී තිබෙන බොහෝ දෙනෙකුට , ඔවුන්ගේ රෝග ලක්ෂණ නැවත පැමිණියහොත් හෝ ඔවුන්ගේ ප්‍රතිකාර අකාර්යක්ෂම වුවහොත් හැරෙන්නට තවදුරටත් අධීක්ෂණය අවශ්‍ය නොවේ.

ඔබේ වෛද්‍යවරයාට අවශ්‍ය යැයි දැනෙනවා නම්, ඔබගේ තත්ත්වය නැවත පැමිණී ඇත් දැයි දැක ගැනීමට ඔබට වාර්ශිකව රුධිර පරීක්ෂාවකට නැවත පැමිණිය හැක.